Tuesday, February 21, 2012

අපි ශ්‍රී ලාංකිකයන්

            අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් තම මව් බිමට මෙන්ම මව් බසට දැඩි ඇල්මක්‌ දක්‌වන්නෙමු.සිංහලයා සිංහල බසටද ද්‍රවිඩයා දෙමළ බසටද ආදී වශයෙන් සිය මව් බසට මුල් තැන දෙන්නේ එබැවින් ය.සිය මව් බසට අමතරව තවත් සෙසු වාච පිලිබඳ යම්කිසි දැනුමක්‌ ඇත්නම් හොඳය,නමුත් නොදැන සිටීම ලැජ්ජාවට කරුනක්‌ නොවන්නේය.ලජ්ජා විය යුත්තේ තම ම්ව් බස හරිහැටි බැරි උන් ගැනය.
                                             අප මේ මුල පුරන්නේ පසු ගිය දා ජාත්‍යන්තර විස්‌තර විචාරයක්‌ අතරතුර සුපිරි ක්‍රිඩක සනත් ජයසූරිය අතින් සිදු වූ වචනයක අත් වැරදීමක්‌ සමගින් ඇතිවූ කතබහට එක්‌කාසු වීමටය.සනත්ගේ එම අත්වැරදීම තුලින් අප රටේ සමහර කළු සුද්දන්ට හා ඔපා දූප වෙබ් අඩවි කිහිපයකට විලි ලජ්ජා හිතී ඇත.තවද අපේ ප්‍රධාන පෙලේ ජාතික පුවත් පතකට රුපවාහිනියෙන් තරඟ නරඹා ක්‍රිකට්‌ ගැන ලියන හෙංචයියෙකුටද මේ නිසා සුද්දාගේ ඉංගිරීසිය ගැන කැක්‌කුමක්‌ හටගෙන ඇත.දුකට කරුනක්‌ නම් සිංහල මාධ්‍යය සාකච්චා අතරතුර 50%කට වඩා ඉංග්‍රීසි වචන අමුනමින් සිංහලයට නිගා කරන සංගක්‌කාරලා,අරවින්දලා ගැන මේ බෙලහීනයන්ට කනගාටුවක්‌ හෝ ලැජ්ජාවක්‌ හට නොගැනීමය.                                                                                         ලොකයේ බොහොමයක්‌ ශ්‍රී ලංකාව ගැන කියා දීමට සනත් කතාකලේ සුද්දාගේ ඉංග්‍රීසියෙන් නොව සුද්දාගේ ක්‍රිකට්‌ වලින් බව අමතක නොකල යුතුය.දැන් ඒ අපේ ක්‍රිකට්‌ මුදලට විකුණමින් ක්‍රිකට්‌ විනාශ කරන අයට සුදු හුණු ගාමින් ඔවුනගේ වැරදි යටපත් කිරිමට මෙවැනි මඩ ප්‍රහාර කරලියට රැගෙන එන කාලකණ්‌නින් පිලිබඳ වහා අවදානය යොමු කල යුතුව ඇත.                                         
                                  තවද මෙහි සනත් අත සිදුව ඇත්තේ ශබ්ද කිරීමේ අත් වැරදීමකි."Fuzz" යන්නෙහි සිංහල අරුථ නම් "ඉතා සිනිඳු කුඩු" යන්නය.ඔහු එයින් අදහස්‌ කරන්නේ පන්දුවට සියුම් දූලි ඇවිස්‌සුනු බවය.කතා බහ අතරතුර ශබ්ද කිරීමේ දෝස්‌ සෑම පණ්‌ඩිතයෙකුටම උරුම දෙයකි.
                                                      

No comments:

Post a Comment